Pages

Tuesday, April 3, 2012

මුතුගෙ ජීවිතේ ගොඩක් අමතක නොවන සිදුවීම් තියෙනවා..
සමහර දේවල් මතක් කරල සතුටු වෙන්න පුලුවන්...
ගොඩාක් හිනාවෙන්න පුලුවන් ඒ දේවල් අතරෙ....
ගොඩාක් දුක හිතෙන කතන්දර ගොඩාක් තියෙනවා..

ඒත් මුතු හිනා වෙනවා...
ඒ හිනාව මුතු කැට වගේ ලස්සන නැහැ...
ඒත් මුතූ ලොකයට පේන්න ගොඩාක් හිනා වෙනවා...
ඒත් ඒ හිනාව ඇතුලෙ තියෙන දුක දැක්කොත්.... 
මුලු ලොකයම මුතූ එක්ක අඩාවි...
Sunday, March 11, 2012

අපට අප සිහිනයකි....


  
අපි අපිට අහිමි වග...
දැන දැනත් මම පෙම් කලෙමි.
දුර වුනත් නුඹව මට,
ලන් වෙලා මට දැනුනි...
මා දමා නුඹ ගොසින් ,
තනිව අද මා පමණි.....
නුඹ කොහිද, ... මා කොහිද,...
අපට අප සිහිනයකි....
Sunday, March 4, 2012

මා අත් නොහල මැනවි.....

සීත සදු හඩවන්න එපා,
තරු කැකුලු ඉකි ගසාවි......
මීදුම් සලු ඉරන්නෙපා,
පිනි බින්දු කදුලු වේවි.....
ඔබ දෙනෙතු තෙමන්න එපා,
අනේ මහිතට දුක හිතේවි....
ඔබ මගෙන් මිදෙන්න එපා,
මගේ හිත මියැදේවි.....
මා මියදුනත් කිසිදිනක,
මා අමතක නොකල මැනවි....
Tuesday, February 14, 2012

ආයු..බොහො..වන්



අද වැලන්ටයින් එකට පස්සෙ දවස , ඒ කියන්නෙ පෙබරවාරි 15 වෙනිදා.
මම හිතුව මගෙ මුතු වැස්සේ වැඩ පටන් ගන්න හොදම දවස අද තමයි කියලා.ඊයෙ පටන් ගන්න හිටියට,....ඊයෙ මට පොඩි වැඩ වගයක් තිබුනා.අද ඉදලා මම මගෙ මුතු වැස්සට , වහි බින්දු එක එක එකතු කරනවා...ඔයාලත් ඒව බලලා අකුණු සැර වගේ ඔයාලගේ අදහස් මට කියලා යන්න...

මුතු වැස්සේ තෙමෙන්න එන ඔයාල හැම දෙනාවම මම ආදරයෙන් පිළිගන්නවා....